සයිටම් වසා දමන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ සිසුන් විසින් සිදුකරනු ලබන විරෝධතාව සිංහල අලුත් අවුරුදු දිනවලද පැවැත්වීමට තීරණය කළ බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
මීට අමතරව අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සයිටම් වසා දමනතුරු ක්‍රියාත්මක කිරීමටද තම කමිටුව අවසන් තීරණයක් ගත් බවද එම කමිටුවෙ කැඳවුම්කරු වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් මහතා සඳහන් කළේය.