සයිටම් ආයතනය අහෝසි කිරීමට මුවාවී සයිටම් නම වෙනස් කර සයිටම් ආයතනය නීතිගත කිරීමට පාලකයන් සැලසුම් සකස් කර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
මේ නිසා මෙම කුමන්ත්‍රණය පරාජයට පත්කිරීම සඳහා ලබන සතියේ සිට සටන් ක්‍රියාමාර්ග දියත් කරන බවද එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.
සයිටම් අහෝසි කරන ලෙස බලකරමින් අද (01දා) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතා බැනරයකට අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.
පාලකයන්ගේ කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට පෙර එම තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා රටපුරා ජනතාවගෙන් මෙම බැනරයට අත්සන් ලබාගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
සයිටම් අහෝසි කරන තුරු අඛන්ඩව ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.