සයිටම් විද්‍යාලය සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීම සඳහා වෛද්‍ය පීඨාධිපතිවරුන් නැවත වරක් හමුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. සයිටම් ගැටලු විසඳීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සියලුම වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් යුතු සාකච්ඡාවක් අද(15දා) පස්වරුවේ පැවැත්විණ.
මේසම්බන්ධයෙන් වන වාර්තාවක් සතිදෙකකින් තමාට ලබාදීමට පීඨාධිපතිවරුන් පොරොන්දු වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. සයිටම් තියෙනවාද නැතිද කියන එක දේශපාලන ප්‍රශ්නයක්. සයිටම් එකේ නියමිත ප්‍රමිතිය තියෙනවාද නැද්ද කියන දේ තමයි වෘත්තීමය ප්රශ්නය .මෙරට විශ්ව විද්‍යාල සමතුන්ගෙන් 17% ක් සරසවි අධ්‍යාපන වරම් හිමිකර ගන්නවා. 83% කට සරසවි වරම් හිමිවන්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් දොරගුළු විවෘත කළ යුතුයි.” යැයි ද ඇමැතිවරයා කීය.