වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් කිරීම ශ්‍රීලංකා වෛද්‍ය සභාවට පමණක් ලබා නොදිය යුතු බව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදය සඳහන් කරයි.
ලෝකයේ බොහෝ රටවල වෛද්‍ය සභාවල විවිධ වෘත්තීන්වල නිරතව සිටින පිරිස් නියෝජනය කරන බවත්, එහෙත් ලංකාවේ වෛද්‍ය සභාව නියෝජනය කරනු ලබන්නේ වෛද්‍යවරුන් පමණක් බවත් අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පමණක් වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම සකස් කිරීමට කටයුතු කළහොත් එමගින් රටට අහිතකර තත්ත්වයක් උදාවිය හැකි බවද හෙතෙම කියා සිටියේය.