මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ඝතවී ඇති ගැටලුව නිරාකරණය කිරීම සම්බන්ධයෙන් රජයේ යෝජනාවලිය අද (07දා) ප්‍රකාශයට පත්කරන ලදී.
ඒ අනුව,
1. වෛද්‍ය උපාධිය (MMBS) අදාළ අවසන් පරීක්ෂණය සමත් සයිටම් ශිෂ්‍යයන් හට හෝමාගම හා අවිස්සාවේල්ල රෝහල්වල ශල්‍යකර්ම, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය හා ප්‍රසව විද්‍යාව සහ බාලක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මාසය බැඟින් වූ වැඩිදුර සායනික පුහුණුවක් ලබාදීම.
2. මෙම පුහුණුවෙන් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) විශ්ව විද්‍යාල කොමිසන් සභාවේ ඒකාබද්ධ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයට දීම.
3. නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකා වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්රමිතීන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගැසට් කිරීම.
4.නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කරනු ඇති අතර එය අඛණ්ඩව ශික්ෂණ රෝහලක් වශයෙන් පවත්වාගෙන යාම සිදුකිරීම.