උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් සෞඛ්‍ය අමාත්‍යවරයාත් වගකීම් විරහිතව කටයුතු කරන බැවින් සයිටම් ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ යහපත උදෙසා දේශපාලනික තීන්දුවක් ගන්නා ලෙස හෙට (20දා) ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංසදය සඳහන් කරයි.
සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ යහපත සඳහා අධිකරණ නියෝග පවා නිකුත් කර තිබෙන බවත්, එහෙත් අමාත්‍යවරුන් දෙදෙනා වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතවී තිබෙන බවත් එම සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය.
මේ නිසා මෙම ආයතනය සම්බන්ධයෙන් දේශපාලන තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.