මාලඹේ සයිටම් ආයතනය පිළිගනු ලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සඳහා ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ දිනේෂ් ගුණවර්ධන මහතා විසින් බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (07දා) පැවසීය.
2013/09/26 වැනිදා අංක 1829/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියමය එසේ ඉදිරිපත් කර තිබුණු බවත්, උපාධි ප්රදානය කිරීමේ ආයතනයක් වශයෙන් සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලජි ඇන්ඩ් මෙඩිසින් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය පිළිගන්නා ලෙසට ඉල්ලා තිබුණු බවත් ඇමතිවරයා පැවසීය.
මාලඹේ සයිටම් ආයතනය වසා දමන්නැයි බලකරමින් වෛද්‍ය සිසුන් 7000ක් පන්ති වර්ජනය කරන බවත්, ඔවුන්ගේ මහපොළ දීමනාව කපාදමා ඇති බවත් සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් කළ අවස්ථාවේදී කිරිඇල්ල මහතා මේ බව පවසා සිටියේය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ පන්ති වර්ජනය කරන සිසුන්ට මහපොළ දීමනාව ලබානොදෙන බවයි.