මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව පිළිබඳව විසඳුම් හා යෝජනා තවදුරටත් ඉදිරිපත් කිරිම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව කමිටුවක් පත්කොට තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වය යටතේ මෙම නව කමිටුව පත්කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එසේම සයිටම් ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඇතුළු ඕනෑම පාර්ශ්වයකට ආරාධනා කරන බවද එම නිවේදනයෙ දැක්වෙයි.