මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් ඌව පළාතේ වෛද්‍යවරුන් අද (20දා) ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මොනරාගල දිසා මහ රෝහලේ කටයුතු අඩාලවී ඇතැයි වාර්තා වේ.
වෛද්‍යවරුන්ගේ වර්ජනය පිළිබඳව නොදැන වෛද්‍ය සායන සඳහා පැමිණි වියපත් මව්පියවරුන්, බාහිර රෝගී අංශයේ රෝගීහු දහස්ගණනක් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටියහ.
රෝහලේ වැඩවර්ජනයක් පැවැතියද හදිසි ප්‍රතිකාර හා අත්‍යාවශ්‍ය අංශ ක්‍රියාත්මක වූ බව රෝහලේ වෛද්‍ය අධිකාරී රත්නායක මහතා පවසා සිටියේය.
මොනරාගල - විමල් දිසානායක