සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා සිදුකරන උද්ඝෝෂණ මාලාවේ හෙට (27දා) දිනය කළුපටි පැලඳ විරෝධතා දැක්වීමේ දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ අතෙහි කළුපටි බැඳීමේ ව්‍යාපාරය උදෑසන 7.30ට ආරම්භ කරන බවද එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.
අධ්‍යාපනයට, සෞඛ්‍යයට ආදරය කරන සියලුම දෙනා කළුපටි පැලඳ මෙම විරෝධතාවට සහයෝගය ලබාදෙන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.