සයිටම් ආයතනය අහෝසි කරන බවට ලබාදුන් දෙවැනි පොරොන්දුවත් කඩ වී තිබෙන බවත්, අඩුම තරමින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියවත් ගැසට් කිරීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
දෙසැම්බර් 31 වනදා වන විට සයිටම් අහෝසි කරන බවට පොරොන්දු වූ අතර, ඉන්පසු අද (15දා) දිනට පෙර සයිටම් අහෝසි කරන බවට පොරොන්දු වූ බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පැවසීය.
මීට අමතරව සති දෙකක් තුළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය වසරේදී පොරොන්දු වූ නමුත්, එම පොරොන්දුවත් මෙතෙක් ඉෂ්ට කර නොමැති බවද හෙතෙම පවසා සිටියේය.