සයිටම් ආයතනය අහෝසි නොකළහොත් වෛද්‍ය පත්වීම් බාරනොගැනීමට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් පිරිසක් තීරණය කර තිබේ.
මේ තීරණය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්ව ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කරන බව එහි ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පැවසීය
සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1500කට ආසන්න පිරිසක් සිටින අතර, ඔවුන් මෙම කොන්දේසි ඉදිරිපත් කර තිබෙන බවද වෛද්‍ය සොයිසා මහතා අණාවරණය කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව මේ මස අගදී රැස්වීමට නියමිත අතර, සයිටම් ආයතනය අහෝසි නොකරන්නේ නම්, සීමාවාසික පුහුණුවට නොයෑමට වෛද්‍ය ශිෂ්‍යයන් තීරණය කර ඇතැයිද ලේකම්වරයා පවසා සිටියේය.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප)