මාලඹේ සයිටම් ආයතනයේ තිබී රහස් පොලීසිය භාරයට ගත් අස්ථි කොටස් ඝාතනයට ලක්වූ බව පැවසෙන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ නොවන බව ඒ පිළිබඳව ඩී.එන්.ඒ පරීක්ෂණය සිදුකළ විද්‍යාඥවරයා විසින් දැනුම්දී ඇතැයි රහස් පොලීසිය කොළඹ වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රසාද් සිල්වා මහතාට අද (05දා) දැනුම් දුන්නේය.
මෙම පරීක්ෂණය සිදුකළ ජීන් ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා විසින් නිකුත් කළ ඩී.එන්.ඒ. වාර්තාව කෙරෙහි සැලකිල්ල යොමුකරමින් රහස් පොලීසිය මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද (05දා) කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසාද් සිල්වා මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.