මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පොලීසියට අවශ්‍ය ප්‍රධානතම සැකකරු වන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හා පළාත් පාලන ආයතන රියදුරා අද (8දා) තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණයට නිතිඥවරයෙකු මාර්ගයෙන් බාරවීමට පැමිණියේය.
එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රතිපාදන නොමැති බවයි. ඉන් අනතුරුව සැකකරුවන් අධිකරණ භූමියෙන් පිටව ගියහ.
කෙසේ වෙතත් වරකාපොළ පොලීසිය මේ වන විට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
වෙඩි තැබීමේ සිදුවීම ව්‍යාජව සයිටම් ප්‍රධාන විධායක නිලධාරියාට ජීවිත තර්ජනයක් ඇති බවට පෙන්වීම සඳහා සලසුම් කළ ව්‍යාජ තැබීමක් බවට පොලීසිය මේ වන විට කරුණු අණාවරණය කරගෙන තිබේ.