මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ තොරතුරු කිහිපයක් පොලීසිය විසින් මාධ්‍ය නිවේදනයකින් හෙළිකර තිබේ. ඒ අනුව දැනට කෙරෙන විමර්ශනවලදී ප්‍රධාන විධායක නිලධාරිවරයාට ජීවිත තර්ජනයක් ඇතිබවට ව්‍යාජ ලෙස හුවාදැක්විම සඳහා සිදුකරන ලද වෙඩි තැබිමක් බවට තොරතුරු හෙළිව ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන එළැඹෙන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. එසේම වෙනත් වරදක් සම්බන්ධයෙන් බන්ධනගාර ගත කර ඇති හිටපු යුද හමුදා විශේෂ බලකා සෙබළෙකුගෙන්ද පොලීසිය ප්‍රශ්න කර ඇත.
මේ අතර සිද්ධිය සැලසුම්කළ බව කියන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු හා පළාත් පාලන ආයතන රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.