සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාට වෙඩි තැබීමට පෙර හා පසුව එම සිදුවීම සැලසුම් කළ බව කියන සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හා සමීර සේනාරත්න මහතා අතර දුරකතන සංවාද රාශියක් හුවමාරු වී ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කරන විමර්ශන වලදී මේ බව හෙළිව තිබේ. එසේම සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හා සිද්ධියට සම්බන්ධ පළාත් පාලන ආයතන රියදුරා අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබේ.
ඒ සඳහා විමර්ශන කණ්ඩායම් කිහිපයක් දිවයින පුරා විවිධ ප්‍රදේශ වෙත යොමුකර ඇතැයි පොලීසිය පවසයි.