සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වු ජේ.දඩල්ලගේ මහතා පත් විය.
ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන දඩල්ලගේ මහතා අමාත්‍යාංශ රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන ගණනාවක විවිධ තනතුරු දරමින් කටයුතු කොට අත්දැකිම් බහුල නිලධාරියෙකු වෙයි.
ඔහු රාජ්‍ය පරිපාලන හා සුවදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කොට 2016 වසරේ විශ්‍රාම ලැබිය.
රාජ්‍ය සේවයේ සුවිශේෂි කාර්ය භාර්යයක් ඉටු කළ ජේ.දඩල්ලගේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා උපදේශකවරයා ලෙසද කටයුතු කරයි.
මානව සම්පත් කමනාකරණය පිළිබඳව ශ්‍රි ලංකාවේ ප්‍රාමාණික විද්වතෙකු වු දඩල්ලගේ මහතා කැනඩාව, සිංගප්පුරුව, තායිලාන්තය, ඉන්දියාව, උතුරු කොරියාව, මාලදිවයින ඇතුළු රටවල් ගණනාවක මානව සම්පත් කළමනාකරණය පිළිබඳ අධ්‍යනයන් හි සහ පර්යේෂණ වල නිරත වී තිබේ.