සමෘද්ධිවිෂයයට අදාළ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත අනිද්දා (29දා) දිනයේපාර්ලිමේන්තුවට පිවිසෙන වටරවුම අසල විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරී සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් ජගත් කුමාර මහතා සඳහන් කළේ සමෘද්ධි ව්‍යාපාරය මුහුණපා ඇති ගැටලු විසඳා,පෙර පැවැති ආකාරයෙන් ශක්තිමත් කරන ලෙසත්,සමෘද්ධි ව්‍යාපාරය සම්බන්ධයෙන් වත්මන් රජය ලබාදුන් පොරොන්දු ඉෂ්ට කරන ලෙසත් ඉල්ලා මෙම උද්ඝෝෂණය පවත්වන බවයි.