සමෘද්ධි ව්‍යාපාරය කප්පාදුවකින් තොරව ආරක්ෂා කරදෙන ලෙස රජයෙන් ඉල්ලමින් මාතර දිස්ති‍්‍රක් සමෘද්ධි නිලධාරි හා ප්‍රතිලාභීන් එක්ව සංවිධානය කළ විරෝධතාවක් අද (21 දා) මාතර නගර මධ්‍යයේදී පැවැත්වුණි.
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ සිට විරෝධතා පාගමනින් ප්‍රධාන බස්නැවතුම දක්වා පැමිණි විරෝධතාකරුවෝ පසුව එම ස්ථානයේ සිට විරෝධතාවේ නියැලුණහ .
මෙහිදී අදහස් පළකළ විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටියේ සමෘද්ධි ව්‍යාපාරයේ සහනාධාර කප්පාදු නොකරන ලෙසත් අහිංසක ප්‍රතිලාභීන්ට ලබාදුන් රු.2500 ක නිවාස ආධාරය කප්පාදු නොකරන ලෙසයි. වර්තමානයේ 10 % ක් කප්පාදු කිරීමේ චක්‍රලේඛය වහාම හකුලා ගන්නා ලෙසද එහිදී ඔවුහු ඉල්ලා සිටියහ.
එසේම විශ්‍රාම වැටුප් තුළත් ප්‍රශ්න ගණනාවක් නිර්මාණයවී ඇති බවත් දේශපාලන අරමුණු උදෙසා සමෘද්ධි ව්‍යාපාරය භාවිත නොකරන ලෙසද විරෝධතාකරුවෝ මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියහ.