ධීවර කර්මාන්තය ආශ්රිත සමුද්‍රීය සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමට සිය අමාත්‍යාංශය තීරණය කළ බව ධීවර රාජ්‍ය අමාත්‍ය දීලීප් වෙදආරච්චි මහතා පැවසීය. මේසඳහා යොට් සදහා මරීනා ඉදිකිරීම් ක්ෂේත්රයේ ලෝකප්‍රකට ආයෝජකයින් දෙදෙනෙකු දිවයිනට පැමිණි බවද එය රජයේ “නිල් ආර්ථික” වැඩ පිළිවෙලට පුර්ණ සහය ලබාදෙන්නක් බවද අමාත්‍යවරයා පැවසීය.
මේසඳහා සහය වීමට ලෝක ප්‍රකට සමාගම් දෙකක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද(14දා) හමුවී එකගත්වය පළ කරතිබේ.
ඉතාලියේ BENETTI නමැති විශාල ප්‍රමාණයේ යෝට් සහ මරිනා ඉදිකරන ලෝක ප්‍රකට මරිනා ඉදිකිරීම් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ NIZAR TAGI මහතා හා OCEAN BLUE නමැති ඉන්දීය සමාගමේ SUJAY CHOHAN නමැති මෙම ලෝක ප්‍රකට ආයෝජකයින් දෙදෙනා ලංකාවට පැමිණියේ ප්‍රථම වතාවටය .
මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති දකුණු පළාතේ තංගල්ල ප්‍රදේශ නිරීක්ෂණය සදහා එක්වන ලෙසට රාජ්‍ය අමාත්‍යවරයා කරණ ලද ආරධනය ඉතා මිත්රශීලීව භාර ගන්නා බවට මෙම අයිජකයින් පවසා තිබේ.
මෙසම්බන්ධයෙන් අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේ කීය.
“මෙරට ධීවර කර්මාන්තය ආශ්‍රීත සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම දේශීය ආර්ථිකයට විශාල ශක්තියක් . ඒ නිසා මෙම සංචාරක කර්මාන්තය මගින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සදහා වැඩ සටහන් ගණනාවක් සැලසුම් කළා . විශාල සංචාරක ආකර්ෂණයක් දිනා ගත් තල්මසුන් නැරබිමේ වැඩ සටහන ආරම්භ කලේද ධීවර අමාත්‍යංශයයි .” “යොට් සදහ මරිනා ඇති කිරීම මගින් මෙම නව ආර්ථික අවස්ථා උදාකර ගන්න පුළුවන් .
ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමට මම සැලසුම් කරලා හදුන්වා දුන් නිල් ආර්ථික වැඩ සටහන හරහා යොට් නිෂ්පාදනය මගින් මෙරට විදේශ ආයෝජන වැඩි වශයෙන් දිනා ගැනීමට මහත් පිටුවහලක් වෙයි . මේ මගින් මම යෝජනා කරලා තියෙන්නේ ධීවර කර්මාන්තය නව රැකියා උත්පාදනය මෙන්ම නව ආයෝජන අවස්ථා උදාකරමින් විදේශ විනිමය රටට ගෙන දෙන වැඩ පිළිවෙලක් . මේ සදහා අවශ්‍ය නව නීති රීති අප අමාත්‍යංශය මගින් හදුන්වා දීමට ද මම යෝජනා කරලා තියෙනවා” .