ජාතික සංහිඳියාව සඳහා යන ගමනට මුල් පියවර තැබිය යුත්තේ උතුරේ ජනතාව නොව දකුණේ ජනතාව සංහිඳියාව ඇති කරනු වස් උතුරු පළාතේ කටයුතු කරන ආයතන දකුණේ ජනතාව දෙස වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.
යාපනය අවතැන් ජනයාට ඉඩම් අක්කර හත්සීයක් නැවත බෙදා දීම සඳහා පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේබව කීය.
'සංහිඳියාව සඳහා අත්‍යවශ්‍ය ලෙස දැනුවත් කළ යුත්තේ දකුණේ ජනතාවයි. දකුණේ ජනතාව තුළ අන්තවාදී පිරිස් විසින් බොහෝ වැරදි අදහස් ඇති කරන බවත් 'සමානාත්මතාව අගයන සැමට එකසේ ජීවත් විය හැකි රටක් ගොඩ නැගීමට එක් වන මෙන් ජනාධිපතිවරයා රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.
යාපනය,කන්කසන්තුරෙයි සහ තිලිප්පලෙයි යන ප්‍රදේශවලට අයත් අධිආරක්ෂිත කලාප වශයෙන් පැවති ඉඩම්වලින් කොටසක් ඒවායේ මුල් අයිතිකරුවන්ට පවරා දීම මෙහාදී සිදුකෙරිණි.