අාණ්ඩුවක් පෙරළා නව අාණ්ඩුවක් ඇති කිරීමට සමාජ වෙබ් අඩවි විශාල දායකත්වයක් සැපයූ බවත්, එම තාක්ෂණය ඩෙංගු මර්දනයට යොදාගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඒ.එච්.එම්. මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.
'මේ රටේ සමාජ වෙබ් අඩවි අතිප්රභලයි. පසුගිය රජය පවා වෙනස් කිරීමට එහ දායක වූවා. පසුගිය ජනාධිපතිවරණයේදී එය පෙණුනා. දැන් මේ සඳහා ජනතාවට පහසුකම් තියෙනවා' යැයි හෙතෙම කීය.
කොළඹ නගරය තුළ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට මහජන සහය ලබාගැනීම සඳහා නවතාක්ෂණය යොදාගනිමින් ක්ෂේත්‍ර තොරතුරු ඍජුවම ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාගැනීමට අලුත් ඇන්ඩ්‍රොයිඩ් යෙදුමක් හඳුන්වාදීම ඊයේ (12දා) කොළඹ මහනගර සභාවේදී සිදුවිය.
එමගින් තම ප්‍ර‘දේශවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ සිය ස්මාර්ට් ජංගම දුරකථනය හරහා ඡායාරූපයක් ආධාරයෙන් අදාළ වගකිව යුතු ආයතන දැනුවත් කළ හැක.
එම තොරතුරු ක්ෂණිකව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත ලැබෙන අතර, ඉතා ඉක්මනින් එම ප්‍රදේශය හඳුනාගෙන අදාළ ක්‍රියාමාර්ග ගැනීමට ඒ මගින් හැකිවන බව ඔහු ප්‍රකාශ කළේය.
“මහජන සෞඛ්‍ය නිලධාරීන්ට විශාල වගකීමක් පැවරෙනවා. මොකද මහජනතාව ලබාදෙන තොරතුරු පිළිබඳ නිසි ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් නොගත්තොත් ජනතාව තොරතුරු ලබාදීමට මැළිකමක් දක්වනවා. ඒ නිසා මේ ක්‍රමය සාර්ථක කරගැනීමට සියලුදෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.* යැයි නගරාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
සිංගප්පූරුවේ තැන් යැංග් තාක්ෂණික විශ්වවිද්‍යාලය, ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාලය හා මොබිටෙල් ආයතනය ඒකාබද්ධව නිර්මාණය කළ මෙම ව්‍යාපෘතිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා විසින් ආරම්භ කෙරේ.