ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සමාජ මාධ්‍ය ඇසුරෙන් සිදුවන වකුගඩු ජාවාරමකට අදාල වැදගත් කරුණු කිහිපයක් හෙළිකර ගැනීමට ඉන්දීයපොලීසිය සමත්වී තිබේ.
මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සිවුදෙනෙක් ඊයේ (16දා) අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය සමත්වීමෙන් අනතුරුව මෙම ජාවාරමේ තොරතුරු හොළිව තිබෙන බව ද හින්දු පුවත් සේවය සඳහන් කළේය.
පුද්ගලයින් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අතර වෛද්‍යවරයෙක්ද වෙයි.
වකුගඩුවක් පරිත්‍යාග කරන අයෙක්ට ඉන්දීය රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදී තිබෙන අතර වකුගඩුවක් අලෙවි කර තිබෙන්නේ ඉන්දීය රුපියල් මිලියන තුනකටය. පරිත්‍යාග කරන්නෙක්ට විදෙස් ගමන් බලපත්‍රයක් නොමැතිනම් හිමිවන මුදල ඉන්දියානු රුපියල් ලක්ෂ තුනකි.
වකුගඩු මාරු කිරීමට අදාළ ශල්‍යකර්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් දෙකකද සිදුව තිබෙන බව හින්දු පුවත්සේවය සඳහන් කළේය.