සමාජ ජාල වෙබ් අඩවි හරහා ආගම්වාදී, ජාතිවාදී ගැටුම් ඇතිවන ආකාරයට ප්‍රකාශ නිකුත් කරන සියලුම දෙනාට එරෙහිව නීති මගින් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් විශේෂ පොලිස් ඒකකයක් මගින් විමර්ශනය කරන බවත්, වැරදිකරුවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උපදෙස් ලබාගනිමින් සිටින බවත් අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.