රාජ්‍යයක නීති පද්ධතිය මගින් සමාජ මාධ්‍ය නියාමනය කළ නොහැකි බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය.
මාධ්‍ය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. සමාජ මාධ්‍ය හා ජන මාධ්‍ය යනු ක්ෂේත්‍ර දෙකක් බවද ඔහු පැවැසීය.
සමාජ මාධ්‍ය භාවිත කිරීමට තරම් සමාජය පරිණත වී ඇත්දැයි නැවත වරක් සිතා බැලිය යුතු බවත් ඔහු පැවැසීය.