සමාජ මාධ්‍ය තහනම් නිසා නීතිඥ සංවිධාන වන්දි ඉල්ලයි
සන්නිවේදන මාර්ග අවහිර කිරීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බැවින් ඉන් අපහසුතාවට පත් සියලු දෙනාට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා අද (12දා) නීතිඥ සංවිධාන ජාතික එකමුතුව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මීට අමතරව වහාම සන්නිවේදන මාර්ග ලබාදෙන ලෙසටත් නැවත මෙවැනි කටයුතු සිදු නොකරන ලෙස විදුලි සන්දේශ නියාමක කොමිසමට නිර්දේශ කරන ලෙසත් ඉල්ලීමක් කළ බවද එම සංගමයේ කැඳවුම්කරු නීතිඥ මනොජ් ගමගේ මහතා පවසා සිටියේය.
සමාජ ජාල වෙබ් අඩවි ඇතුළු සන්නිවේදන මාධ්‍ය අවහිර කිරීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වැනි පරිච්ඡේදයේ 14 (1) (අ) වගන්තියෙන් සුරක්ෂිත කර මෙරට පුරවැසියන්ට සහතික කර තිබෙනා භාෂණයේ නිදහසට හා ප්රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට විදුලි සන්දේශ නියාමන කොමිසම බලපෑම් එල්ලකර තිබෙන බවත්, මේ නිසා සුදුසු වන්දියන් ඔවුන් ලබාදිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

