පැලවත්ත ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලූ බව පොලීසිය කියයි.
එහි කළමනාකරු වශයෙන් සිටි වයස අවුරුදු 25 ක් වන පුද්ගලයෙකු හා වයස අවුරුදු 26, 35, 37, 30 හා 38 යන වයස්වල පසුවන දිගන, කුරුවිට, කරන්දෙණිය, පිලියන්දල හා කඩවත ප්‍රදේශවල පදිංචි කාන්තාවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් අද (05දා) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.