ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සේවය කළ කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ගල්කිස්ස, ටෙම්පල් පාර ප්‍රදේශයේ මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇත් අතර අද (06දා) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 25,28 හා 45 යන වයසේ පසුවන කාන්තාවන් බවද පොලීසිය සඳහන් කරයි.