කිලිනොච්චියේ පිහිටි හමුදා කඳවුරකට අයත් භූමියකට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඇතුළුවීම සම්බන්ධව අද (27දා) දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේදී අද (27දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධව යුද හමුදාවෙන් වාර්තාවක් ඉල්ලන බවට අගමැතිවරයා ප්‍රකාශ කළ බවයි.
ආර්.සම්බන්ධන් මහතා ගොස් තිබුණේ හමුදා කඳවුරකට නොව දෙමළ ජනතාවගේ නිවාස පිහිටි ප්‍රදේශයකට බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.