විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සහ දෙමළ ජාතික සන්ධානය හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂය අතර සාකච්ඡාවක් මේ සතියේදී පැවැත්වීමට තීරණයකර ඇති බව එම පක්ෂ ආරංචිමාර්ග තහවුරු කළේය.
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙලෙස මෙම කණ්ඩායම් දෙක හමුවීමට නියමිතය.
යෝජිත නව ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ඉදිරිපත්කළ යුතු බවට යෝජනාවී තිබුණද ඒකාබද්ධ විපක්ෂය මේසම්බන්ධයෙන් විරෝධය දක්වන බැවින් මෙලෙස සාකච්ඡා කිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තරන් මහතා ප්‍රකාශ කළේය.
දෙමළ ජාතික සන්ධානය නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සමගද සාකච්ඡා පැවැත්වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
දෙමළ ජාතික සන්ධානය සමග ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජනතා විමුක්ති පෙරමුණ තහවුරු කළ අතර එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසුවේ, ඉදිරියේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද මුණගැසී මේසම්බන්ධයෙන් සාකච්ඡා කරන බවය.