සමස්ත ලංකා මැදපෙරදිග සේවා සංගමයේ පවුල් 149000ක සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවන බව එම සංගමයේ සභාපති රංජිත් නානයක්කාර මහතා අද (20) දා කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ ජනපති විසින් මැදපෙරදිග සේවය කළ ජනතාවට විශ්‍රාම වැටුපක් ලබා දෙන බවට පොරොන්දු වුවත් එය දිගින් දිගමට ඉටු නොවූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා එය ලබාදීමට එකඟ වූ බවත් සඳහන් කරමින් තම සංගමය මෙසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක්වූ බවද නානායක්කාර මහතා පැවැසීය.