ඩීසල් මිල ඉහළ දැමීමට සාපෙක්ෂව හා අමතර කොටස් මිල ඉහළ දැමීමට සාපෙක්ෂව ඉහලුම් ප්රවාහන ගාස්තුව 15%කින් අද (20) සිට ඉහළ දැමු බව සමස්ත ලංකා බහලුම් හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
අවසන් වරට ගාස්තු සංශෝධනයක් සිදු වී තිබෙන්නේ 2016 වසරේදී බවත් එතැන් සිට මේ දක්වා කාලය තුලදී අමතර කොටස් මිල 30%කින් ඉහළ ගොස් තිබෙන බවද එම සංගමයේ සභාපති සනත් මංජු මහතා සඳහන් කළේය.
මීට අමතරව ඩීසල් මිල ඉහළගොස් තිබෙන බවත් මේ අනුව ආනයන අපනයන කන්ටෙනර් ප්රවානය වෙනුවෙන් අයකරන මුදල 15%කින් ඉහළ දැමු බවද කියා සිටියේය.