මේ වසර අවසානයේදී ශ්රී ලංකාවේ සමස්ත ණය බර රුපියල් බිලියන 10000 ඉක්වමනු අති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 2017 සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් හිටපු ජනපතිවයා අද (16දා) මේ බව පවසා සිටියේය.
“ 2014 වර්ෂය අවසානයේ පැවති රු.බිලියන 7,391 වූ මුළු ණය ප්රමාණය 2015 අවසාන වන විට රු.බිලියන8,503 දක්වා වැඩි කර තිබෙනවා. එම ප්රමාණය 2016 ජූනි වන විට රු.බිලියන9,062 දක්වා වැඩි වී තිබෙන බව අයවැයේද සඳහන් කර තිබෙනවා. එය වර්ෂය අවසානයේ රු.බිලියන 10,000 ඉක්මවන බව පෙනී යනවා. ණය ගනු ලබන්නේ ණය ගෙවීමට පමණක් නම් මේ අකාරයට පසුගිය අවුරුදු 2 තුළ පමණක් රු.බිලියන2,600ට වැඩි ප්රමාණයකින් ණය තොගය වැඩි වුණේ කෙසේද?
එපමණක් නොව ජාතික ආදායමට අනුව 2015 අවසන් වන විට රජයේ ණය 2014 සියයට 70.7 සිට සියයට 76 දක්වා වැඩි වී තිබෙනවා. එය මේ වර්ෂය අවසාන වන විට සියයට 78 පමණ මට්ටමකට පැමිණීමට ඉඩ තිබෙනවා. එක් අවස්ථාවක සඳහන් කළේ ඇතැම් ණය පොත්වල සටහන් වී නොමැති බවයි”