මෙවර ගාල්ලේ පැවැත්වෙන මැයි රැලිය සඳහා තමා කළුතරින් බස් 50 ක් ගෙන එන බවත්, එම සංඛ්‍යාව 50න් වැඩිකරගෙන එන සෙනග පිළිබඳ වැටහීමක් ලබාගන්නා ලෙසත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (25දා) මාධ්‍යයට අභියෝග කළේය.
එමෙන්ම මෙම ප්‍රමාණය වැඩි වනු ඇති මිස කිසිලෙසකින් හෝ අඩු නොවනු ඇති බවද හෙතෙම පැවසීය.