කළුතර බන්ධනාගාර බස් රථයට වෙඩිතැබීම සම්බන්ධ බව පැවසෙන පුද්ගලයෙකු ඊයේ (04දා) අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාතර, කඹුරුගමුව පදිංචි වික්රමසිංහගේ දොන් සමිත් චානක (අවු.24) නොහොත් 'අල බෝලේ' නමැත්තෙකි.
සැකකරු අද (05දා) කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.