කලුතරදී බන්ධනාගාර රථයකට වෙඩි තබා සිරකරුවන් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් මේ වන විට රටින් පිටවීමේ උත්සාහයක නිරත වන බවත් පොලීසිය පවසයි.
අද (02දා) පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගි කරගනිමින් ඔවුන් මෙසේ රටින් පිටවීමට උත්සාහ කරන බවත් එය වැළැක්වීම සඳහා කටුනායක හා මත්තල ගුවන්තොටුපොළවල්හි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි.
එ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් එම ගුවන්තොටුපොළවල් වෙත පිටත් කර ඇති බවත් ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා හා එයට සම්බන්ධ පුද්ගලයන් බහුතරයක් හඳුනාගෙන ඇති බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
පරීක්ෂණ සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එක්ව සිටින අතර බස්නාහිර පළාත, අපරාධ හා රථවාහන පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පරීක්ෂණ මෙහෙයවයි.