කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් පළා යෑමට භාවිත කළ බව කියන වෑන් රථය මොරගහහේන ප්‍ර දේශයේදි අතහැර දමා තිබියදී සොයාගත් බව පොලීසිය කියයි. එසේම බන්ධනාගාර බස් රථය අවහිර කිරීමට යොදාගත් කැබ් රථය අවසන් වරට භාවිත කර ඇත්තේ ව්‍යාපාරිකයෙකු බවද පොලීසිය කියයි. අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයා දැනට ප්‍රදේශය අත්හැර ගොස් ඇති බවත් පොලීසිය පවසයි.
කඩුවෙල හා දකුණේ සංවිධානාත්මක කල්ලිවලට අයත් පුද්ගලයින් මෙම අපරාධය සිදුකර ඇති බවට දැනට සැකකරන බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.