සමයංගේ ඥාති සොහොයුරන් අධිකරණයට ඉදිරිපත් නොකරයි
බන්ධනාගාර බසයක් තුළදී ඉකුත්දා වෙඩි තබා ඝාතනය කෙරුණු අරුණ දමිත් නොහොත් 'සමයං' නමැත්තාගේ ඥාති සොහොයුරන් බව කියන සැකකරුවන් දෙදෙනකු අද (02දා) දින කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණයේ නඩුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීහු ඉදිරි දිනයක් ඉල්ලා සිටියහ.
කරුණු සැලකිල්ලට ගත් කුලියාපිටිය මහේස්ත්රාත් රුවන් ධම්මික දිසානායක මහතා ඒ සඳහාඑළඹෙන 16 වෙනිදා ලබාදුන්නේය.ස්වයංක්රීය ගිනි අවියකින් වෙඩි තබා මිනීමැරීමට තැත් කිරීම සහ දේපොළවලට අනර්ථයක් සිදු කිරීම යන චෝදනායටතේ පොලීසිය මගින් පවරා තිබූ මෙම නඩුවේ චූදිත සැකකරුවන් නව දෙනෙකි.
ඉන් සැකකරුවන් 06 දෙනෙකු අධිකරණය මගින් ඇප මත මුදාහැර සිටින අතර, දැනට වාරියපොළ බන්ධනාගාරගතව සිටින ආර්.ඒ. සමන් කුමාර නොහොත් 'අඩා' නැමැති සැකකරු බන්ධනාගාරය මගින් අද (02දා) අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. සමයංගේ ඥාති සොහොයුරන් බව කියන දැනට කළුතර බන්ධනාගාරයේ රිමාන්ඩ්ගතව සිටින දිනිත් නිලාන් මාබුල් නොහොත් 'උර්ජුවා' හා චමින්ද බුද්ධික නොහොත් 'චම්පා' යන සැකකරුවන් දෙදෙනා මෙලෙස බන්ධනාගාරයේ ඉල්ලීම මත එළඹෙන 16 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කෙරිණි.
කුලියාපිටිය චාමර විමලරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

