සමජ ජාලා වෙබ් අඩවි මගින් ලක්ෂ 24ක මුදලක් වංචාකළ 2ක් අත්අඩංගුවට
අන්තර් ජාලය හා ෆේස් බුක් සමාජ ජාලා මගින් යුරෝපීය රටවලට පුද්ගලයන් යවන බවට දැන්වීම් පළකර ලක්ෂ 24ක මුදලක් වංචා කළ සැකකරුවෙකු සහ සැකකාරියක් ඊයේ (03දා) කොලොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 31වියේ පසුවන පුද්ගලයෙකු හා වයස අවුරුදු 27ක් වූ කඳාන ප්‍රදේශයේ කාන්තාවකි.
පළකරන ලද දැන්වීම්වල සඳහන් දුරකථන අංකවලට සම්බන්දවන පුද්ගලයන්ගෙන් යුරෝපා රටවලට යැවීම සඳහා තානාපති කාර්යාලවලට පෙන්වීමට අවශ්‍ය මුදල් ඔවුන්ගේ ගිණුම්වලට තැන්පත් කරවාගෙන ඒ අනුව ව්‍යාජ ලෙස සකස් කරන ලද විදේශ ගමන් බලපත්‍ර හා ව්‍යාජ හැඳුනුම්පත් උපයෝගී කරගෙන මෙම මූල්‍ය වංචාව සිදු කර තිබේ.
මේ පිළිබඳව ලබුණු පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (03දා) පස්වරුවේ කොලොන්නාව ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් අද(04දා) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිදුවීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

