ශ්‍රී ලංකාවේ සමගි සන්ධාන වීමේ ක්‍රියාවලියේ තවදුරටත් වර්ධනයක් අවශ්‍ය බව ඉන්දියාවේ අදහස වී තිබෙන බව ඉන්දීය රජයේ අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ‘ද ඉකොනොමික්ස් ටයිම්ස්’ පුවත්සේවය අද (03 දා) වාර්තා කළේය.
කෙසේ නමුත් අද ආරම්භ වූ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ගෙන ඒමට නියමිත යෝජනාවලිය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව තවමත් ඉන්දීය රජය අවසන් තීරණයකට පැමිණ නොමැති බවත් එම පුවත්සේවය පෙන්වා දෙයි.
යෝජනාවලිය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට මත්තෙන් ඇමෙරිකානු යෝජනාවලියට අයත් කරුණු මොනවාද යන්න පිළිබඳව ඉන්දියාව අධ්‍යනයක යොමුවන බවත්, එම වාර්තා උපුටා දක්වමින් ‘ද ඉකොනොමික්ස් ටයිම්ස්’ පුවත්සේවය තවදුරටත් වාර්තා කළේය.