උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් කල්තැබූ පාර්ලිමේන්තුව යළිත් පෙරවරු 11.55ට පමණ ආරම්භවිය. පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව සභාව නැවත ඇරඹූ අතර සමෘද්ධිය පිළිබඳව පැන නැගී ඇති ගැටලුවට හෙට (11) පිළිතුරක් දෙන බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සභාවට දැන්වීය.