පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් සිසුන්ට පාර්ලිමේන්තු සභා ගර්භය තුළට ලේන්සු රැගෙන ඒම තහනම් කර නැතැයි කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පාර්ලිමේන්තු සභා ගර්භය පැමිණෙන පාසල් සිසුන්ට ලේන්සු රැගෙන ඒම තහනම් කර ඇතැයි පසුගියදා ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒම පුවත නිවැරදි නොවන බවත් පාසල් සිසුන්ට සභා ගර්භයට ලේන්සු රැගෙන ඒම තහනම් කර නැතැයිද කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.