තවදුරටත් අයහපත් කාලගුණ තත්ත්වයක් පෙන්නුම්කරන නිසා සබරගමු පළාතේ සියලුම පාසල් හෙට (20දා) දිනයේත් වසා තැබීමට තීරණය කළ බව සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරුතාක්ෂණ සහ සස්කෘතික අමත්‍යාංශයේ ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.
ඒ අනුව පළාතේ පිහිටි ජාතික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ සබරගමු පළාත් සභාව යටතේ පාලනය වන පාසල් මෙසේ සිකුරාදා දිනයේදී වසා තබනු ඇත.
සබරගමු පළාතේ සියලුම පාසල්වලට පසුගිය 18 සහ 19යන දෙදින මුලින් නිවාඩු ලබාදෙනු ලැබීය. විශේෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතන ආපදාකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (20දා)දිනයේද පාසල් නිවාඩුව ලබාදීමට පියවර ගත් බව ලේකම්වරයා කීය.
සබරගමු පළාතේ තුන් ලක්ෂ පනස් දහසක් ඉක්මවු පාසල් සිසුන් පිරිසක් ද, විසිඑක් දහසකට අධික ගරු සංඛ්‍යාවක් ද සිටිති. දෙපාර්ශවයේ එකතුව පළාතේ මුලූ ජනගහනයෙන් පහෙන් එකකට ආසන්න ය. මුලූ පාසල් සංඛ්‍යාව 1150ක් පමණ වේ.
අජිත්ලාල් ශාන්තඋදය
අජිත්ලාල් ශාන්තඋදය