නිර්ත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදී දිවයිනේ නිරත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවත් සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම, ඌව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.