සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේදී, සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු වසරේ සිසුවෙකු වන චන්ද්‍ර කුමාර් සුදර්ශන් යන අයට පහරදීමක් සිදුකළ බවට බළන්ගොඩ පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ල අසත්‍ය බව පොලිස් මූලස්ථානය කියයි.
පසුගිය 03 වැනිදා මෙම පහරදීම සිදුකළ බවට සිසුවා පැමිණිලි කර තිබේ. එහිදී ඔහු පවසා තිබුණේ තමා අලුයම වැසිකිළියට මුත්‍රා කිරීමට යාමේදී යම් පිරිසක් පහරදුන් බවයි.
සිද්ධිය සමිබන්ධව මූලික විමර්ශන පැවැත්වීමේදී සිසුවාගේ පැමිණිල්ල සම්බන්ධව යම් සැකයක් ඇතිවන බවත් ඔහුගේ ප්‍රකාශය හා විශ්වවිද්‍යාල ආරක්ෂකයන්ගේ ප්‍රකාශ අතර පරස්පරතා තිබූ බවත් පොලීසිය කියයි.
පැමිණිල්ල සම්බන්ධව ඇති වූ සැකය මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු තමා විසින්ම තුවාල කරගත් බවට පාපොච්චාරණය කර තිබෙන බවද පොලිස් මූලස්ථානය පවසයි.
තමාගේ ගම යාපනයේ මුහමලේ ප්‍රදේශයේ නිසා යාපනය විශ්වවිද්‍යාලය වෙත මාරුවීමේ අදහසින් මෙම කි‍්‍රයාව සිදුකරගත් බවද හෙතෙම පවසා තිබේ. ඔහුගේ ප්‍රකාශය මත තුවාල කිරීමට උපයෝගි කරගත් බ්ලේඩ් තලයක්, පොල්ලක් සහ අත් බැඳගැනීමට උපයෝගී කරගත් වයරයක්ද සොයාගෙන තිබෙන බව පොලීසිය කියයි.
ජාතීන් අතර අසමගිය ඇති කිරීමට කි‍්‍රයාකිරීම පිළිබඳව මෙම ශිෂ්‍යයා තවදුරටත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් රඳවා තබාගෙන විමර්ශන සිදුකරන බවත්, ඉදිරියේදී ඔහුට විරුද්ධව නඩු පැවරීමට නියමිත බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.