සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය තීරණය කර තිබේ.
ඒ අනුව පළමු වසරේ සිසුන් සඳහා සඳුදා (27දා) දිනයේදීද, දෙවැනි, තෙවැනි සහ සිවුවැනි වසර සඳහා ලබන මස 03 වැනිදාද අධ්‍යයන කටයුතු ආරම්භ කෙරේ.
පළමු වසරේ සිසුන්ට ඉරිදා (26දා) දින නව නේවාසිකාගාරයට පැමිණෙන ලෙස දන්වා තිබේ. මේ අතර අද දිනයේදී පළමු වසරේ සිසුන්ගේ මවුපියන් විශ්වවිද්‍යාලයට කැඳවා දැනුම්වත් කිරීමටද නව නේවාසිකාගාරය නැරඹීමට අවස්ථාව ලබාදීමටද විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් දෙවැනි, තෙවැනි සහ සිවුවැනි වසරවල සිසුන්ගේ මවුපියන් පිරිසක් ශිෂ්‍ය සත්‍යග්‍රහයට සහාය පළකිරීමට අට්ටාලයට ගොඩ වූ බව ශිෂ්‍ය එකමුතුවේ නියෝජිත දිනේෂ් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.