ඇතැම් සේවකයන් සබරගමුව පළාත් පාලන ආයතනවලින් වැටුප් ලබා පෞද්ගලික හා ස්වයං රැකියාවල නිරත වන බවත්, එවැනි පුද්ගලයන්ගේ සේවය අත්හිටුවීමට පියවර ගන්නා බවත් සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පවසා සිටියේ, සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති පැල්මඬුල්ල මැතිවරණ කොට්ඨාසයේ ප්රගති සමාලෝචන රැස්වීමේදී අදහස් දක්වමිනි.
සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්රික්ක දෙකෙහි මහනගර සභාවක්, නගර සභා තුනක් සහ ප්රාදේශීය සභා 25ක් ඇති අතර, මෙම පළාත් පාලන ආයතන රැසක පැමිණීම සහ පිටවීම පමණක් සටහන් කර වෙනත් පෞද්ගලික හා ස්වයං රැකියාවල නිරත වන සේවකයන් සිටින බවද ආණ්ඩුකාරවරිය පවසා සිටියාය.
ත්රිරෝද රථ රියදුරන්, වෙළෙඳ සහායකයන්, පදික වෙළෙන්දන් හා වතු සේවකයන් මෙම පිරිස අතර සිටින බවත්, රාජ්ය සේවයට ඇතුළු වූ කිසිදු අයෙකුට සේවා කාලය තුළ පෞද්ගලික කටයුතුවල නිරත විය නොහැකි අතර, එය නීතිවිරෝධී බවත් ඇය පෙන්වා දුන්නාය.
අජිත්ලාල් ශාන්තඋදය