සන්ධාන ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුත් ඒ අතර
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන්ට මැර ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව සැකකෙරෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු පස්දෙනෙකු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලංගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද (20දා) නියම කළේය.
මෙම සැකකරුවන් පස්දෙනා අද සවස බලංගොඩ පොලීසියට බාරවීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික ජයමාන්න, චමින්ද විජයකුමාර, රුවන් චාමර, අනිල් ශාන්ත, කේ. සද්ධාතිස්ස යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
රත්නපුර - මලිති පෙරේරා