ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලනය රටේ පාලනය තමන්ගේ අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්, විශ්වවිද්‍යාලයේ සංවර්ධනය වෙනුවෙන් ලැබෙන මුදල් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් වෙන්කරගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් සඳහන් කරමින් සබරගමුව සරසවියේ සිසුන් අද (26දා) රාත්රියේදී විරෝධයක නිරතවිය.
මහා ශිෂ්‍ය සංගමය ඇතුලු පීඨ ශිෂ්‍ය සංගම් 05ක් තහනම් කර තිබෙන බවත්, ශිෂ්‍යයින්ගේ නිදහස සීමා කරන බවත්, ශිෂ්‍යයින්ගේ අධ්‍යාපනය ලබාගැනීමේ අයිතිය අහෝසි කරමින් අසාධාරන ලෙස පන්ති තහනම් 08 අහෝසි කරන ලෙසත්, විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය නිදහස සහ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ලෙසත් ඉල්ලමින් සිසූහු උද්ඝෝෂණයේ නිරත වූහ. විශ්වවිද්‍යාලයේ පාලකයින් ඇතිකල අඳුරු ස්වභාවය සහ ශිෂ්‍ය නිදහස අහිමිකිරීම සංකේතවත් කරමින් තමන් මෙම විරෝධතාව සංවිධානය කළ බව සිසූහු පවසති.
ආලෝක පන්දම් දල්වාගනිමින් විශ්වවිද්‍යාල ප්‍රධාන පිවිසුම අසලින් සවස 6.45ට ආරම්භකල නිහඬ විරෝධතාවය පඹහින්න මංසන්ධිය දක්වා ගමන්කර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස පැයකට ආසන්න කාලයක් පැවතිණි.