සබරගමු පළාත් සභා මන්ත්‍රී ජගත් ආනන්ද පල්ලියගුරු මහතා ඊයේ (18දා) අභ්රාවප්රාප්ත විය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ,සබරගමු පළාත් සභාවට තේරී පත් වූ ඒ මහතා මිය යන විට 46 වන වියේ පසු විය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 1997 දී පැවති පළාත් පාලන මැතිවරණයට තරග කොට අටකලන්පන්න ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වූ ඒ මහතා 2002 වර්ෂයේ දී පැවති එම මැතිවරණයට ඉදිරිපත්ව වැඩිම මනාප ලබා අටකලන්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට තේරී පත් විය.
නැවත 2006 දී ගොඩකවෙල ප්‍රාදේශීය සභාවට තරග කර එහි විපක්ෂ නායකවරයා ලෙස ජගත් ආනනන්ද පල්ලියගුරු මහතා තේරී පත්විය.
2008 දී පැවති සබරගමු පළාත් සභා මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග කර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරීපත්වූ ඒ මහතා 2012 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර ජයග්‍රහණය කරනු ලැබීය.
ජගත් ආනන්ද පල්ලියගුරු මහතා ගොඩකවෙල රාහුල විද්‍යාලයේ සහ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු ද වේ.
පාසැල් අධ්‍යාපනයෙන් පසුව ඒ මහතා උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක්විය.
ජගත් ආනන්ද පල්ලියගුරු මහතාගේ දේහය මේ වන විට ගොඩකවෙල මල්වත්ත හි පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු (21) වන සෙනසුරාදා පස්වරුවේ ගොඩකවෙල මල්වත්ත පවුලේ සුසාන භූමියේ දී සිදු කරනු ලැබේ.